ඉදිරි පැය 24 තුළදී ගාසා තීරයට උතුරින් වෙසෙන සියලූ ජනතාව දකුණු ගාසා තීරයට පැමිණ පදිංචි විය යුතු බව ඊශ‍්‍රායල හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට නියෝග කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඒ අනුව ආසන්න වශයෙන් මිලියන 1.1ක ජනතාවක් ඉවත් විය යුතු වන අතර එම ප්‍රමාණය සමස්ත ගාසා තීරයේ ජනගහනයෙන් භාගයක් බවයි.
එවැනි වාතාවරණයක එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එම නියෝගය තහවුරු කළහොත්, ඉදිරිය ඉතාම විපත්තිදායක විය හැකි බවයි.
ඊශ්‍රායල හමුදාවේ සම්බන්ධීකරණ නිලධාරීන් ගාසා තීරයේ සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් නායකයින්ට ඉවත් කිරීමේ නියෝගය ලබා දී ඇති අතර එම නියෝගයට එක්සත් ජාතීන්ගේ සියලුම කාර්ය මණ්ඩලය ,පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ සායන ඇතුළත් එක්සත් ජාතීන්ගේ පහසුකම්වල නවාතැන් ගත් අය ද ඇතුළත් වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායල රජය විසින් අද (13) නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව අවම වශයෙන් ඊශ්‍රායල වැසියන් 1,300 ක් මිය ගොස් 3,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර පලස්තීන සෞඛ්‍ය අංශ පවසන පරිදි පලස්තීනුවන් 1,500 කට අධික පිරිසක් මියගොස් තවත් 6,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා