යුදෙව්වන් තහනම් අවි භාවිතා කරන්නත් පටන් ගෙන

ගාසා සහ ලෙබනනයේ සිය හමුදා මෙහෙයුම් වලදී white phosphorus munitions නැමැති තහනම් අවි භාවිතා කරන බවට මානව හිමිකම් සංවිධාන ඊශ්‍රායලයට චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි ආයුධ භාවිතා කිරීම වැසියන්ට බරපතල හා දිගුකාලීන තුවාල වීමේ අවදානමක් ඇති බවටයි

මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් විමසූ විට ඊශ්‍රායල හමුදාව කියා ඇත්තේ “ගාසා හි white phosphorus munitions ආයුධ භාවිතා කිරීම පිළිබඳව දැනට නොදන්නා” බවයි.

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධානය පවසන්නේ ඉකුත් 10 වන දින ලෙබනනයේ සහ 11 වන දින ගාසාහි ස්ථාන දෙකකට ඉහළින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලද white phosphorus munition පිපිරීම් කිහිපයක් පෙන්නුම් කරන වීඩියෝ දර්ශන තමන් සතුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles