ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායල් ගුවන් හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා. බෝම්බ හෙළන ලද ගොඩනැගිලිවල නටබුන් යට තිබී මළ සිරුරු 30ක් සොයාගත් බවයි පැවසෙන්නේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමයින් බව අල්ජසීරා වාර්තා කරනවා.
ගාසා තීරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, තීරයේ ඇති විශාලතම සරණාගත කඳවුරු අටේ නේවාසික ගොඩනැගිල්ලකට ඉරිදා සවස (22) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එල්ල කෙරුණු බවයි.
උතුරු ගාසා හි ඉන්දුනීසියානු රෝහලේ අධ්යක්ෂ අල් ජසීරා වෙත පවසා ඇත්තේ තමන් ඖෂධ සහ වෛද්‍ය උපකරණවල උග්‍ර හිඟයකින් පෙළෙන බවයි.
මේ වන විට ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව 4651 ක් දක්වා ඉහළ ගොස් බව සඳහන් වෙනවා.