ඊශ්‍රායලය තවත් මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන මාධ්‍යවේදියෙකු සහ පවුලේ අය මිය ගිය ගොස් ඇති බව අල්ජසීරා වාර්තා කරනවා.

පලස්තීන රූපවාහිනිය ඊශ්‍රායලයට චෝදනා කරන්නේ මොහොමඩ් අබු හතාබ් සහ ඔහුගේ පවුලේ අය හිතාමතාම ඝාතනය කළ බවටයි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ සේවය කරන මාධ්‍යවේදියෙකු මෙන්ම පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු ද මිය ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පලස්තීන රූපවාහිනිය ඊශ්‍රායලයට චෝදනා කළේ මොහොමඩ් අබු හතාබ් බ්‍රහස්පතින්දා දකුණු ප්‍රදේශයේ ගාසාහි ඛාන් යූනිස් හි පිහිටි ඔහුගේ පවුලේ නිවසට බෝම්බ හෙළීමෙන් හිතාමතා කළ ඝාතනයක් බවටයි.

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය බව ඛාන් යුනිස්හි නසාර් රෝහලේ ආරංචි මාර්ග පවසනවා.

ඔහු පැමිණීමෙන් ටික වේලාවකට පසු අබු හතාබ්ගේ මහල් නිවාසයට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව මෙම මරණය ගැන පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ප්‍රහාරය “පලස්තීන මාධ්‍යවේදීන් ත්‍රස්ත කිරීම සඳහා ලේවැකි පණිවිඩයක්” බව එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles