මෛත්‍රීලාගේ අලුත් සන්ධානයේ මණ්ඩලේ කචල්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව යළි පුටුව ලකුණෙන් පොදුජන එක්සත් පෙරමුණ සක්‍රීය කිරීමට උත්සාහ ගනු ලැබුවේ මාස කිහිපයක සිටයි.

කෙසේ වෙතත් මෙකී පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම පැවති ආරවුල් නිමක් නැති බවයි වාර්තා වන්නේ.

මෙම පෙරමුණ ගැන ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරෙන බව මෛත්‍රී පැවසුවත් තවමත් කිසිවක් නිශ්චිතව තීරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ පිළිබඳව තීරණයක් ගැනීමට මාර්තු 11 රැස්වූ සාකච්ඡාවේදී ද උණුසුම් තත්වයක් ඇති වූ බවයි පැවසෙන්නේ.

සාමාන්‍යයෙන් ශ්‍රීලනිපය සමඟ නිර්මාණය වෙන සන්ධානවලදී නායකත්වය ඔවුන්ට හිමි වුවත් මෙවර අනෙක් පක්ෂ එ් සඳහා කැමැත්තක් නොදක්වන නිසා මෙම තත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles