බඩට නැති වුණත් ලුණු කැඳ – ඇඟට ඕනමයි විල්ලුද!

එළැඹෙන පෙබරවාරි 3 සහ 4 දිනයන්වල රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලියෙන් අලෝකකරණය කර අලංකාර කරන ලෙස චක්‍රලේඛයක් මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ස්වදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.

ඒ නිදහස් දින සමරු උලෙළ විශේෂ අවස්ථාවක් ලෙස සලකා බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය පුරා විදුලි බිල සීඝ්‍රයෙන් ඉහළ දැමුණු අතර, එය බොහෝ ක්ෂේත්‍රවලට දැඩි ලෙස බලපා තිබෙනවා. විශේෂයෙන් කුඩා පරිමාණ කර්මාන්ත ගණනාවක් වැසී යන තත්වයට පැමිණ තිබෙන බව ඔවුන්ගේ ප්‍රකාශයකයන් පවසා සිටියා.

එසේ ම විදුලි බිල ගෙවාගත නොහැකිව ලක්ෂ 11 ට ආසන්න ප්‍රමාණයක් නිවෙස්වල විදුලිය විසන්ධි කර ඇති බව පසුගිය දා වාර්තා වුණා.

විදුලි බිලේ මේ සා ප්‍රමාණයක වැඩි වීම හේතුවෙන් දරිද්‍ර ජනතාව සිය කටයුතු බොහෝ සීමා කරගෙන සිටිනවා.

දරුවන් පාඩම් කටයුතු පවා වේලාසන නිම කර නින්දට යවන බොහෝ දෙමව්පියන් විදුලි උපකරණ භාවිතය සම්පූර්ණයෙන් නවතා තිබෙනවා.

මේ තත්වය යටතේ පම්පෝරිය ජනනය කිරීම පිණිස රාජ්‍ය ආයතනවල විදුලියෙන් ඒකාලෝක කිරීමට ජනපතිවරයා ප්‍රමුඛ රජයට ඇති වුවමනාව කුමක්දැයි මතුවන්නේ පැනයක්.

ජනතාවගෙන් කැපකිරීම් ඉල්ලා සිටියාට මේ නායක කාරකාදීන් කිසිම අවස්ථාවක තමන් කැපකිරීම් කරන බවට පෙන්වූ අවස්ථාවක් මේ ආර්ථික අර්බුදය අස්සේ පවා දකින්නට ලැබුණේ නැහැ. අනෙක් අතට ජනතාව මෙතරම් පීඩාවට පත්ව ලක්ෂ සංඛ්‍යාත ගණනක් බිල ගෙවාගත නොහැකිව විදුලිය කප්පාදු කර තිබෙන තත්වයක ඔවුන්ගේ බදු මුදලින් යැපෙන රාජ්‍ය ආයතනවල විදුලිපහන් දල්වා සෝබන කිරීම ගැන රජය පිළිතුරු දිය යුතු වීම අනිවාර්ය බව කිව යුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles