ඩයනා සතුටෙන් : කංසා වවන ගැසට්ටුව එයි

ඔෂධීය වටිනාතමක් ඇති කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

ඒ අනුව කංසා පමණක් නොව ඊට වඩා ඖෂධ ගණනාවක් ආනයනය කරන අතර මේවා වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමෙන්තුවේ දී සඳහන් කළේ.

කෙසේ වුව ද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිසිර ජයකොඩි මේ බව සඳහන් කිරීමත් සමඟ මෙය සිදු විය යුතුව තිබුණේ මීට පෙර බවත් සඳහන් කළ පාර්මෙන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ඔෂධීය වටිනාකමක් ඇති කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දීමට තීරණය කිරීම තමන්ට විශාල සතුටක් බවත් පැවසුවා.

එසේම බොරැල්ලේ ආයුර්වේද මහ රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධන කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර ආයුර්වේද කොමසාරිස් තනතුර ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුර දක්වා උසස් කරන බවයි සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles