මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසක විෂ වායු ආඝ්‍රහණයක් නිසා පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය සිදුවීම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යෑමේදී සිදුවූ අනතුරක් විය හැකි බවට පොලිසිය සැක පළ කරනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්යක්ෂවරයා ඇතුළු කණ්ඩායමක්ද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ පිරිසක් ද පරීක්ෂණ සඳහා සම්බන්ධ වී තිබෙනවා.
මෙම කණ්ඩායම් දෙකටම අදාළ නිවසේ තිබූ රසායන ද්‍රව්‍ය හඳුනාගැනීමට නොහැකි වූ බැවින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ ආරක්ෂිත ඇඳුම් සමගින් රසායනික ද්‍රව්‍ය තිබූ කාමරයට ඇතුළු වී සිදු කළ පරීක්ෂාවකින් අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා රසායන ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.