ශ්‍රීධරන්ගේ විරෝධය මැද ITAK අවසන් තීරණය ගනී

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් වශයෙන් තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර අද (16) උදෑසන වව්නියාවේ දී පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා පවසා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බවයි.

කෙසේ වෙතත් අදාළ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසා සිටියේ, තමා එම මතයට කිසිසේත් එකඟ නොවන බවයි.

සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටුකිරීමට ඉදිරිපත් නොවන පසුබිමක දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ දෙමළ පොදු අපේක්ෂකයා වන පාකියසෙල්වම් අරියනේත්‍රන්ට සියලුදෙනාගේ සහාය ලබාදෙන ලෙසත් එහිදී ඔහු ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles