එක්ස්ප්‍රස් පර්ල් ගිනිබත් වී වසර තුනයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදුවී අද (21) ට වසර තුනක් සපිරෙනවා.

එම නෞකාව ගිනිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු කලාපයේ පරිසරය දූෂණයට ලක්වුණා.

එම නෞකාවෙන් මුහුදු කලාපයට සිදු වූ හානිය හේතුවෙන් සිය ජීවනෝපාය හරිහැටි කිරීමට නොහැකි බවට ධීවරයින් චෝදනා කරනවා.

මේ අතර හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවර සමිති 9 ක සාමාජිකයින් තමන් මුහුණදී ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් අද(21) විරෝධතා පා ගමනක් ද සංවිධානය කර තිබුණු අතර ඔවුන් ඇලකන්ද තෙක් පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles