පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව අන්තරය අවි අමෝරයි!

පෞද්ගලික අංශයේ වෛද්‍ය විශ්වවිද්‍යාල පිහිටුවීමට අනුමැතිය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිරිහෙළීමට උත්සාහ කිරීම ගැන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අවිශිබම) රජයට දෝෂාරෝපණය කරනවා.

වෛද්‍ය ක්ෂේත්‍රයේ නව අවස්ථා පුළුල් කිරීමේ මුවාවෙන් පෞද්ගලික වෛද්‍ය පීඨ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය වැඩ කරන බව අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කියා සිටිනවා.

සුදුසුකම් නැති සිසුන් වෛද්‍ය අධ්‍යාපනයට බඳවා ගැනීමෙන් රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයට ගෙන යන බව අවිශබම කැඳවුම්කරු පවසනවා.

“රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් විය හැක්කේ හොඳම ප්‍රතිඵල ලබන සිසුන්ට පමණක් බව අපි දන්නවා. ඒ වගේ පුළුල් විෂයයන් හැදෑරීමට ඔවුන්ට සුදුසුකම් තිබිය යුතුයි. පෞද්ගලික විශ්වවිද්‍යාල එවැනි සුදුසුකම් ලත් සිසුන් බඳවා ගනී කියලා අපට සහතික වෙන්න බෑ. ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසනවා.

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් බොහෝ සිසුන් අධ්‍යාපනය අත්හැරීමට සිදු වුවද අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කරමින් ප්‍රශ්න තීව්‍ර කිරීමට රජය උත්සාහ කරන බවයි අන්තරේ කැඳවුම්කරු පවසන්නේ.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අදහස් කරන්නේ නම්, රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ පිහිටුවීමට පෙර නිසි ශක්‍යතා පරීක්ෂණ සිදු කරන බවට සහතික වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සැප්තැම්බර් 10 වැනි දින රජයෙන් ඉල්ලා සිටියා.

මේ අතර පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල තුනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles