සුපිරි හෝටල් සංකීරණයක සාදයක් අතරතුර වූ ගැටුමකින් 34 හැවිරිදි අයෙක් මරා දමා ඇති බව ජා-ඇල පොලිසිය පවසනවා. මේ පුද්ගලයා කොන්ත්‍රාත්කරුවෙකු බවයි පැවසෙන්නේ.
ජාඇල උදම්විට ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකදී දෙපිරිසක් අතර ඇතිවු බහින්බස් විමක් දුරදිග යාමෙන් ඇතිවු ගැටුමක් මේ ඝාතනයට හේතුව වී ඇතැයි පැවසෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ජාඇල තුන්පෑලිය කුරුසවල පාරේ පදංචි 34 හැවිරිදි කිරණවල්ලි අධිකාරිගේ ධනුක සම්පත් සිල්වා නම් අයෙක්.
සිද්ධිය සම්බන්ද පාර්ශව දෙකම එම හෝටලයේ සාද පවත්වා ඇති අතර එහිදි සිදුවු ආරවුලෙන් පසු තදබල ලෙස පහර කෑමට ලක්වු අදාළ පුද්ගලයා රාගම ික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.