යාපනය පුස්තකාලය ගිනි තැබීම සිහි කෙරේ

යාපනය මහජන පුස්තකාලය රාජ්‍ය අනුග්‍රහය ලැබූ මැර කල්ලි සහ ආරක්ෂක අංශ විසින් ගිනි තැබීම සම්බන්ධ සිදුවීම ස්මරණය කරමින් වැඩසටහනක් පසුගිය දා යාපනය මහජන පුස්තකාලය ඉදිරිපිට පැවැත්වුණා.

දෙමළ සාහිත්‍යයේ සහ දෙමළ උරුමයේ තෝතැන්නක් බඳු වූ යාපනය මහජන පුස්තකාලය 1981 මැයි 31 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී දකුණෙන් ගිය පිරිස් විසින් ගිනි තබා විනාශ කරනු ලැබුවා. මෙයට එවක රජයේ අනුග්‍රහය ලැබුණු අතර ආරක්ෂක අංශවල සහයද ලැබී තිබුණා.

පැරණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදි කර තිබෙන මන බඳින ගොඩනැගිල්ලේ තැන්පත් කර තිබූ දුර්ලභ දෙමළ තල්කොළ ලේඛන, අත්පිටපත්, පොත් සහ සඟරා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගිනි තැබීම් නිසා වුණා. යාල්පානම් වෛපමාලෙයි වැනි යාපන ඉතිහාස ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මෙලෙස ගිනි තබා විනාශ කෙරුණා. යාපනය පුස්තකාලය එවක ආසියාවේ විශාලතම පුස්තකාලවලින් එකක් ලෙස ද සලකනු ලැබුවා.

මෙම මහා දුර්දාන්ත සිදුවීම එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ සිදු වූ අතර දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වෙන අතර සිංහල ස්වෝත්තමවාදී කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙක් වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායකට මේ අපරාධය සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරුණා.

1 COMMENT

  1. මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ නොමඟ යවනසුලු අදහසක්. යාපනය පුස්තකාලය ගිනි තබන ලද්දේ දකුණෙන් ගිය සාමාන්‍ය පිරිසක් විසින් නොව එවක බලයේ සිටි එජාප ආණ්ඩුවේ මැර පිරිසක් විසිනි. සිංහල ස්වෝත්තමවාදී ඇමැතිවරුන් දෙදෙනකුට චෝදනා එල්ල වුණා යැයි කීම සම්පූර්ණ නොමඟ යැවීමක්. යාපනය පුස්තකාලය ගිනි තැබුවේ සිංහල දෙමළ ප්‍රශ්නයක් නිසා නොවේ. 1981 යාපනය සංවර්ධන සභා මැතිවරණය ජය ගැනීමට එජාප ආණ්ඩුවේ මෙහෙයවීමෙන් වපුරන ලද භීෂණය නිසා ය. එකී භීෂණය පතුරුවන ලද්දේ එජාප ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙදෙනකු නොව හතර දෙනකු විසින් කොළඹින් සහ කුරුණෑගලින් ගෙන යන ලද එජාප මැරයන් විසිනි. ඔවුන්ට එක් වූ පොලිසියේ කණ්ඩායමක් ද යාපනය පුස්තකාලය ගිනි තැබීමට සම්බන්ධ වූහ. පොලිස් පිරිස මෙහෙයවන ලද්දේ පසු ව නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ එඩ්වඩ් ගුණවර්ධන විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles