බන්ධනාගාර රැඳවියා හදිසියේ මියයයි – ගම්මු පොලිසිය වටලති

යාපනය බන්ධනාගාරය තුලදී සැකකරුවෙකු ඊයේ (19) දින මියයාමත් සමගින් ගම්වාසීන් විසින් යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් අද (20) දින පොලිස් ස්ථානය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබෙනවා.

වඩුක්කොඩ්ඩෙයි පොලීසිය මගින් මීට දින 4 කට පෙර කිසියම් සොරකමක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ රදවාගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවන්ගේ ඥාතීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සමබන්ධයෙන් යාපනය මානව හිමිකම් කාර්යාලයට පැමිණිළි කිරීමෙන් පසුව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් ඔවුන් මල්ලාකම් අධිකරණය වෙතට ඉදිරිපත් කර තිබුණා.

එහිදී මල්ලාකම් අධිකරණය ඔවුන් බන්ධනාගාරගත කිරීමට නියෝගයක කර තිබුණා.

ඒ අනුව ඔවුන් යාපනය බන්ධනාගාරයට ඇතුල් කර ඇති අතර එක් සැකකරුවෙකු අසනීප තත්වයෙන් ‍හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ පසුව මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මිය ගිය සැකකරුගේ ඥාතීන් විසින් වඩුක්කොඩ්ඩෙයි පොලීසියට චෝදනා කරමින් පවසා ඇත්තේ පොලීසිය විසින් සිදුකරන ලද පහරදීමෙන් මෙලෙස මිය ගොස් ඇති බවටයි.

මේ හේතුව නිසාවෙන් යාපනය උසස් පොලිස් නිලධාරීන්ගේ අධික්ෂණයෙන් මේ වන විට අදාල මරණය සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් සිදුකරන අතරම වඩුක්කොඩ්ඩෙයි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වෙනත් පොලිස් ස්ථානයකට මාරුකොට යැවීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වෙනවා.

මේ අතර අද (20) උදෑසන සිට වඩුක්කොඩ්ඩෙයි පොලීසියට ජනතා විරෝධයක් එල්ල වේ යැයි යන අවදානම හේතුවෙන් පොලිස් ස්ථානය හා අවට ප්‍රදේශය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා දැඩි ආරක්ෂාව යොදාවා තිබුණා.

මේ අතර බන්ධනාගාරගතව සිටියදී මිය ගිය වඩුක්කෝඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් යන අයගේ මළසිරුර යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර පෂ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව ප්‍රකාශ කරන බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles