තවත් පොලිස් කෘෘරත්වයකට සිරදඬුවම්: OIC ඇතුළු 3කට බරපතළ වැඩ සහිත වසර 7ක්!

හෝටල් හිමියෙකු ඇතුළු එහි සේවකයන් පස් දෙනෙකු පැහැරගෙන ගොස් කෘෘරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වැරදිකරුවන් වූ තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිසියේ තිදෙනෙකුට වසර 7 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී තිබෙනවා. එයට අමතරව කෘෘරත්වයට ලක් වූ අයට රුපියල් ලක්ෂ 5 බැගින් ගෙවන්නැයිද තීන්දුවේ සඳහන්.

2003 වර්ෂයේදී තිස්ස විලේජ් නමැති හෝටලය සම්බන්ධයෙන් එම හිමිකරු සහ වෙනත් පාර්ශ්වයක් අතර ආරවුලකදී විත්තිකාර පොලිස් පිරිස එම හිමිකරු සහ තවත් සිව් දෙනෙකු පැහැරගෙන ගොස් හිංසා කර පසුව ගිනි අවි බෝම්බ ළඟ තබා ගත්තේ යැ යි චෝදනා කර අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම පිරිස පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා. පසුව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් කර විත්තිකරුවන්ට එරෙහිව මාතර මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා.

වසර 19ක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මෙලෙස තීන්දුව ප්‍රකාශ වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles