ජාජබ පෝල් ස්ටෙපෙන්ස් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ් ස්ටෙපෙන්ස් (Paul Stephens) සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත් හා ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (25) කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි මහ කොමසාරිස් නිල නිවසේදී සිදු වුණා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට කෙරුණ අතර විශේෂයෙන් පීඩාවට පත් ජනතාවගේ විරෝධය යටපත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී සහ සමාජ මාධ්‍ය මර්දන පනත් පිළිබඳව ජාතික ජන බලවේගය විසින් තානාපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ මැතිවරණ නොපැවැත්වීම, කල්දැමීම සහ මගහැරීමේ උත්සාහයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles