ලග්ගල – ලකේගල මැණික් පුරය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර ඒ ස්ථානයට පැමිණි හිටපු කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකුට සහ එම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකුට හූ කියා එළවා දමන්නට රැස්වීමට සහභාගි වී සිටි පිරිස ක්‍රියාකර තිබෙනවා.
මෙම රැස්වීම පැවැත්වී තිබෙන්නේ, මැණික් ඉල්ලම් සහිත ඉඩම් විදේශිකයන්ට බදු දීමට රජය ගෙන ඇති තීන්දුවකට එරෙහිවයි. මෙම ඉඩම් විදේශිකයන්ට බදු දීමට රජය ගත් තීන්දුවේදී කිසිවක් නොකර ඊට එරෙහිව විරෝධතාවක් ඇති වීමේ දී එහි දේශපාලන වාසිය ලබා ගැනීමට පැමිණි බවයි ජනතාව චෝදනා කර සිටියේ. කෙසේ වෙතත් මෙම පිරිස සභාගැබෙන් පිටව යන තුරු හූ සංග්‍රහය ලබා දීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.