මධ්‍යම ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ රිච්ටර් මාපකයේ 7.6ක වන ප්‍රබල භූකම්පනයක් ඇති වුණු අතර, සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.
ඉෂිකාවා සහ ආසන්න ප්‍රාන්තවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර ජනතාව ඉවත් කිරීමද සිදු වුණා. උස් බිම් වෙත පැමිණෙන ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
කඩා වැටුණු නිවාසවල සිරවුණු පුද්ගලයන්ගෙන් ඇමතුම් ලැබෙමින් තිබුණු අතර ඔවුන් බේරා ගැනීමට මෙහෙයුම් දියත් කෙරෙමින් පවතිනවා.
පාරවල් අබලන් වී ඇති අතර විදුලිය විසන්ධි වී තිබෙනවා. විදුලි ජනක යන්ත්‍ර මගින් රෝහල් කටයුතු ක්‍රියාත්මක වෙනවා.
ජනතාව ආරක්ෂිත ස්ථානවල සූදානම් වුණු අවතැන් කඳවුරුවල ස්ථානගත කර තිබෙනවා.
ජපාන කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ බලවත් පසුකම්පන ඇති විය හැකි බැවින් ජනතාව නැවත නිවාස වෙත යාම නොකළ යුතු බවයි.
ඉෂිකාමාහි වජිමා නගරයේ අද (01) පස්වරුවේ අඩි 5ක පමණ සුනාමි රළක් නිරීක්ෂණය කර තිබෙනවා. අසල්වැසි ටොයෝමාහිද අඩි 2.5ක පමණ රළ නැග්මක් වාර්තා වුණා. තවදුරටත් රළ පහර ඉහළ යනු ඇතැයි අනුමාන කෙරෙනවා.
ඡායාරූප – NHK World Japan
බීබීසී වාර්තාව