ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එක් වෙන බව අද (26) නිවේදනය කර තිබෙනවා. ජපාන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි ඔහු පවසා ඇත්තේ.
එසේ පැමිණෙන ජපාන මුදල් ඇමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
ජපානය ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ ණය හිමියන් ණය ආපසු කල් දැමීමට සහ පොලී අනුපාත අඩු කිරීමට පසුගිය කාලයේ එකඟතාව පළ කරනු ලැබුවා.
එම සංචාරය මෙරටට පමණක් නොව කාම්බෝජයට ද සංචාරය කිරීම ජපාන මුදල් ඇමැතිවරයාගේ අරමුණව තිබෙනවා.