‘ජයගමු ශ්‍රී ලංකා’ 14 වෙනි අදියර නුවරඑළියට

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා, සවිබල ගැන්වූ අනාගත පරපුරක් හැදීම අපේක්ෂා කරගත් ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ නුවරඑළිය දිස්ත්‍රික් දිගැහැරුම මැයි 17-18 දෙදින නුවරඑළිය ”සිනෙසිටා” ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ජංගම සේවා වැඩසටහනේ 14 වැනි වැඩසටහන මෙලෙස මැයි 17 වනදා ආරම්භ කරනු ලබනවා.

අවිධිමත් වෘතීන්ගේ නියැලෙන්නන්ගේ වෘත්තීය ගරුත්වය සහ වෘත්තීයභාවය තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් පැවැත්වෙන ගරුසරු වැඩසටහන, රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබාදෙන ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහන ද ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව පැවැත්වෙනවා.

විදේශ රැකියා නියුක්ති කාර්යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රතිපාදන මගින් අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ට පාසල් බෑග් සහ පාසැල් උපකරණ ලබාදීම වැනි වැඩසටහනක්ද මෙහිදී පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබනා පාසැල් සඳහා ස්මාට් බෝඩ් ලබා දීම, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, සතොස වවුචර්, ඇස් කණ්නාඩි ලබා දීමද මෙහිදී සිදු කෙරෙනවා.

එමෙන්ම විදෙස් ගතවීමේදී වැඩිම වාරයක් විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී විදේශගත වූ ශ්‍රමිකයන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම, විදෙස් ගතව පැමිණ ස්වයං රැකියවන්හී නියැලෙන පවුල් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂයක ප්‍රතිපාදනයෙන් රුපියල් 50,000ක පළමු වාරික මුදල් ලබා දීම මෙම වැඩසටහන හරහා සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles