හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට 78 වන වියේ පසු වූ ඔහු සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසත් දශක තුනකට අධික කාලයක් සේවය කළා.
ඔහු විසින් ආරම්භ කළ ප්‍රඥා ප්‍රදීප ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් දුප්පත් දරුවන් රැසකට අධ්‍යාපනය සඳහා අත්වැල් ලබාදීමට කටයුතු කෙරුණා.
ජයන්තද සිල්වා මන්ත්‍රීවරයාගේ නිවස බොරැල්ල කනත්ත ආසන්නයේ පිහිටා තිබීම නිසා ඔහු එහි සිදුවන බොහෝ අවමඟුල් සදහා සහභාගී වුණු කාගේත් කතාබහට ලක්වුණු මන්ත්‍රීවරයෙක්.
එම නිසාම ඔහුව බොහෝ දෙනා හැදින්වූ අනුවර්ත නාමය වූයේ කනත්තෙ මන්ත්‍රී කියායි.