ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිලයේ සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
අද (14) උදෑසන 10ට එම හමුවීම සිදුවන බවයි පැවසෙන්නේ.
ආණ්ඩුව ජනතාව වෙත පටවා තිබෙන දැවැන්ත ආර්ථික පීඩනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු කිරීම එහි අරමුණ බව හඳුන්නෙත්ති කියා සිටියා.