ජෝ බයිඩන් ඊශ්‍රායලයෙන් සටන් විරාමයක් ඉල්ලයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එකඟ වන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ. කෙසේ වූවද ‍ඒ පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙතෙක් ප්‍රකාශ සිදු කර නැහැ.

අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති අතර සටන් විරාමයකට එළඹීමෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹිය හැකි බවට එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එසේම ගාසා තීරයේ දිනකට ළමයින් 160 දෙනෙකු පමණ මිය යන බව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසවා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව 10,300 ක් වන අතර, ඉන් 4100 කට වඩා ළමයින් බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles