ජොනී බද්දෙන් පනී!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටීලරීස් සමාගම රුපියල් මිලියන 580ක් බදු ගෙවීම පැහැර හැරීම නිසා එම සමාගමේ බලපත්‍රය අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

දැන් ඔවුන් වෙනත් නාමයක් සහිත නව සමාගමකින් (රෝයල් සිලෝන්) යළිත් මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

පෙර සමාගමේ බදු මුදල් නොගෙවා සිටීම වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පැවරීමටද ජොන්ස්ටන් සමාගම කටයුතු කර ඇති බවට වාර්තා වෙනවා.

සුරා බදු නොගෙවීම නිසා රටට අහිමි වුණ රුපියල් බිලියන 12කට අධික මුදල් සම්භාරයම නැවත අය කරගැනීමට නොහැකි වීමේ අවදානමක් මතුව ඇත්තේ අනෙකුත් සමාගම් ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ක්‍රමවේදය අනුගමනය කිරීමට ඇති ඉඩ හේතුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles