හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබෙනවා.
ඒ ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි.
ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකර අංක තහඩුවක් භාවිතා කරමින් රථය මාර්ගයේ ගමන් කර ඇති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මෙම නියෝගය සිදු කර ඇතැයි සඳහන්.
කෙසේ වෙතත් අදාළ රථය සර්විස් කිරීම සදහා ගරාජ් අංකයක් භාවිත කරන නමුත් එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බව මේ දක්වා සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම කාර් රථය මෙරටට ගෙන්වූයේ කවුද, කවදාද ,භාවිතා කෙරේ කවරෙක්දයන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට හමුවේ දන්වා තිබෙනවා.
ඉකුත් දිනෙක කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස නවතා තිබෙන රථයක් පිළිබඳව ලද තොරතුරක් මත අදාළ විමර්ශන කටයුතු ආරම්භ කෙරුණා.