ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ යන සියල්ලන් එක මිටට තබා පැරදවිය හැකි නව දේශපාලන බලවේගයක් නිර්මාණය වෙමින් පවතින බැවින් ඒ සමඟ සිට ගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මේ බව පැවසුවේ උත්තර ලංකා සභාගය දේශපාලන සංවිධානයේ ජන පෙළගැස්ම නම් සමුළුවක් අමතමින්.
ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියා.
ආර්ථික අර්බුදයෙන් පස්සේ රටේ දෑහිතකාමී බලවේග දුර්මුඛ වෙලා කියලා සමහරු හිතනවා. ඒක වැරදියි. මේ ආර්ථික අර්බුදය නිවැරදිව විග්‍රහ කරගත් කිසිවෙකුටත් අයි.එම්.එෆ්. වන්දනා කරන්න බැහැ. ඒත් අද රනිල් වික්‍රමසිංහ මහත්තයත්, සජිත් ප්‍රේමදාස මහත්තයත්, අනුර කුමාර මහත්තයත් යන්නේ අයි.එම්.එෆ් වන්දනාවේ.