මහනුවර උඩපළාත (ගම්පොළ) ප්‍රා.ලේ. බල ප්‍රදේශයේ රජයේ ඉඩමක් අනීතිකව අත්පත්කරගෙන නොනැවතී එහි රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයාගන්නා මුදල් පෞද්ගලිකව පරිහරණය කරමින් සිටින හිටපු අගමැති දි.මු.ජයරත්න පුත් වත්මන් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නට වහාම එම අනීතික පරිහරණය නවත්වා ඉවත් වන්නැයි එම ප්‍රා. ලේකම්වරිය ලිඛිතව දන්වා තිබෙනවා.
2024.02.12 වන විට එම දේපළ අයිතිය අතහැර ඉවත් වෙන්නැයි ආත්මා දිල්රුක්ෂි ජයරත්න ලේකම්තුමිය එසේ දන්වා තිබෙනවා.
රජයේ ඉඩම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධ පණතේ 3 වෙන වගන්තියට අනුව එම වත්කමේ නිසි බලධරයා වන ප්‍රාදේශීය ලේකම් අදාළ දැන්වීම තම බලතල ප්‍රකාරව අදාළ ස්ථානයේ අලවා තිබෙන බව සඳහන්.
එසේ භාරදෙන ලෙස දන්වා ඇත්තේ ගම්පල මහවැලි ගඟට හා දොළුව පාරට නුවර එළිය පාරට මායිම් වූ හෙක්ටයාර් 0.3283 ක්වූ ගම්පල අංගම්මන ග්රාමනිලධාරි වසමේ අංක 1144දරණ ඉඩම එය රජයේ මිනින්දොරු සැලසුමේ අංක 8 හා 6 වශයෙන් සටහන්ව ඇති බවද අදාල ලිපියේ සටහන්ව තිබෙන බව දැනගැනීමට ලැබෙනවා.