“යුක්තිය 2” ආරම්භක දිනයේදීම සැකකරුවන් දහස පන්නයි

යුක්තිය මෙහෙයුමේ 2වන අදියර ඊයේ (04) ආරම්භ කෙරුණු අතර එහිදී සැකකරුවන් 1,403 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඉන් 63 දෙනෙකු සැකකාරියන් වන අතර අත් අඩංගුවට පත් සැකකරුවන් 57 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 86ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 782.7ක්, ගංජා කිලෝග්‍රෑම් 3.74ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles