කන්දකාඩුවේ මහ ගැටුම : රැඳවියන් 60ක් පැනලා – කළමනාකාරිත්වයත් වෙනස් වෙයි?

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 60කට අධික පිරිසක් පැන ගොස් ඇති බව වාර්තා වෙනවා.

ආහාර ප්‍රශ්නයක් මුල් කොට ගෙන එම මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර මෙම පැන යෑම සිදුව ඇති බව සඳහන්.

ඒ අතර ගැටුම හේතුවෙන් 25ක පමණ පිරිසක් තුවාළ ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පළා ගිය පිරිස සොයා විශේෂ මෙහෙයුමක් මේ වන විට පොලිසිය සහ හමුදාව එක්ව සිදු කරමින් සිටින බව වාර්තා වෙනවා. පැන ගිය පිරිස අතරින් 25 දෙනෙකු මේ වන විට සොයා ගෙන ඇති අතර, ඉදිරියේදී මෙම මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය වෙනස් කිරීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles