ප්‍රවීණ කලාකරු කපිල කුමාර කාලිංගයන් දසක 5ක කාලයක රචනා කළ ගීත සුගැයෙන ගී ප්‍රසංගයක් සැප්තැම්බර් 9 වැනි දා සවස 7ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.
සම්මානනීය සාහිත්‍යවේදියෙක්, නාට්‍යවේදියෙක්, පුවත්පත් කලාවේදියෙක්, ගුවන් විදුලි නිෂ්පාදකයෙක් වැනි බොහෝ කලාංග අතර සැරිසරා නමක් තැබූ ඔහු ලියූ ගීත සියල්ලම පාහේ සහෘද සම්භාවනවාට පාත්‍ර වුණා.
ප්‍රසංගයේ දී එඩ්වඩ් ජයකොඩි, ප්‍රදීපා ධර්මදාස, රූකාන්ත ගුණතිලක, රත්නාලාලනී, බිංදුහේවා, කසුන්, නදීමාල් ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගී මධු මතක අතර සැරිසරන්නට නියමිතයි.
කපිල කුමාර කාලිංගයන් රචනා කළ ගී පද රචනා ඇතුළත් “වසන්තයේ අග” ගීත කෘතිය සහ “දසක පහක මධුර මතක” ලිපි සරණියද එළිදැක්වීමට නියමිතයි.