ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්‍රය (X-Ray) බිඳ වැටී මේ වන විට මාස 6ක පමණ කාලයක් ගත වී ඇති බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය පවසනවා.
හදිසි අනතුරු අංශයක මෙම යන්ත්‍රවල අවශ්‍යතාව අතිමහත් බවයි එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ. හදිසි අනතුරුවලට ලක් වූ රෝගීන් වෙනත් අංශවලට යවා එම පරීක්ෂණ කරගෙන නැවත හදිසි අනතුරු අංශයට ගෙන ඒමට සිදුව ඇති බව ඔවුන් පවසනවා. හදිසි අනතුරු සිදුවූ අයට මෙසේ ප්‍රතිකාර පමා වීම ජීවිත සම්බන්ධ ගැටලුවක් බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.
මේ හේතුවෙන් කාර්යමණ්ඩලයද බලවත් අසීරුතාවට පත්ව සිටින බවත් මෙය ඉතා ඉක්මනින් අලුත්වැඩියා කිරීම අත්‍යාවශ්‍ය බවත් එම ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දක්වන චානක ධර්මවික්‍රම කියා සිටිනවා.