කරුණාරත්න පරණවිතාන 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නා.
රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරල සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් ලැයිස්තුවේ මීළඟට සිටි කරුණාරත්න පරණවිතානට එම අවස්ථාව හිමි වුණා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනි තලතා අතුකෝරල සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා.
පසුගිය 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් කරුණාරත්න පරණවිතාන ලබා තිබූ මනාප ගණන 36,787ක්.