කරුණාගේ සහයත් ජනපති රනිල්ට

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පානදුර, තලපත්පිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

මෙහිදී සභාව අමතමින් කරුණා අම්මාන් මෙසේ ද ප්‍රකාශ කළා.

“අපි අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අගය කළ යුතුයි. ඔහුට විතරයි රට ආපසු ගොඩනඟන්න පුළුවන්. හැමෝම අතීතය දන්නවා. හිටපු ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කළා.

හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වැඩ භාරගත්තට පස්සේ තමයි අපි හොඳ තත්ත්වයකට ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. සියලුම ජනතාව ජනාධිපතිවරයාට සහාය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒකයි මමත් ඔහුට සහයෝගය දක්වන්නේ අපේ පක්ෂයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles