ප්‍රාදේශීය සභා, නගර සහ මහ නගර සභා පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව රජය විසින් යෝජනා කළ එකක් නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට රජය සැමවිටම ගරු කරන බව ඔහු පවසනවා.
මන්ත්‍රීවරුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩදී ජ්‍යෙෂ්ඨයන් ලෙස මන්ත්‍රීවරුන්ගේ අයිතීන් සුරකින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ට ඕනෑ දෙයක් කළ නොහැකි බව පවසා සිටියා. කෙසේ වෙතත් මේ යෝජනාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දයකට සහ ජනමත විචාරණයකට රජය යන්නේ දැ යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විමසා සිටි විට අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ එය කිසිසේත් ම රජය විසින් ගෙනා යෝජනාවක් නොවන බවයි.