පාළාත් පාලන ආයතන නැවත සක්‍රීය කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (24) දැනුම් දී තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහනගර සභා හා පළාත් පාලන ආයතන ජන්ද විමසීමකින් තොරව නැවත සක්‍රීය කර ලෙස ඉදිරිපත් කළ කෙටුම්පත සම්බන්ධයෙන්.
එම සංශෝධිත පණත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බවයි නීතිපතිවරයා තව දුරටත් සඳහන් කර ඇත්තේ.
කෙසේ වුව ද අදාළ පෙණත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සම් 27ක් යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම් දීම සිදු කර තිබෙන්නේ.