සුව කිරීමේ දේව මෙහෙයකදී කතක් හදිසියේ මරුට

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් මියගොස් ති‌බෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් බවයි සඳහන් වන්නේ.

විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට හෘදරෝගයකින් හා සෙම් රෝගයකින් එම කාන්තාව පෙළී ඇති බවයි.

රෝග සුවවීම සඳහා කාන්තාව විසින් රැගෙන ආ ජලය දේවගැතිවරයා විසින් යාඥා කර නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ද අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles