කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතීඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත භාරදෙමින්.

නීතීඥ කෞෂල්‍ය නවරත්න BASL හි සභාපති ලෙස පත් වුණේ 2004 – 2025 වාරය සඳහා පසුගිය ජනවාරි මාසයේදීයි.

කෙසේ වෙතත් ඔහු සභාපති ධුරයෙන් ඉවත් විය යුතු ඉවට එම සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිකව පසුගිය අගෝස්තු 30 වන දින තීරණය කරනු ලැබුවා.

එහිදී ඔහුට ඉල්ලා අස් වන ලෙස බල කරන යෝජනාවක් ද සභාව විසින් අනුමත කර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles