KD Express ලොක්කා තඩිබෑවේ වයස 19ක දැරියකට: පොලිසිය

ඉතාමත් ම්ලේච්ඡ ආකාරයට KD Express නම් ආයතනයේදී පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 19ක තරුණියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව අද පොලිස් මාධ්‍ය සාකච්ඡාවේදී පවසා සිටියා.

සමාජ මාධ්‍ය මගින් මෙම වීඩියෝව ප්‍රචාරය වීමත්, 118 අංකයට ලැබුණු තොරතුරත් අනුව මෙම පහර දීම සිදුකළ අය සහ ඔහුගේ බිරිඳ ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බවයි එහිදී පැවසුණේ.

කිසිම හේතුවක් මත මෙලෙස කිසිවෙකුට පහරදීමට කිසිවෙකුට බලයක් නැති බවත්, යම් සිදුවීමකදී නීත්‍යානුකූල පියවර ගැනීමට පොලිසිය වෙත පැමිණිය යුතු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ආයතනවල සිදුවන මෙවැනි ක්‍රියා කිසිසේත්ම සිදු නොවිය යුතු බවත්, ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles