හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේ දී බවයි සඳහන් වන්නේ.
ඒ අනුව , හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.