ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩුකරය අද මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවුණා. එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ගෙන එනු ලැබුවා. එහිදී ඔහුව කැමරාවලට හසු නොවන පරිදි පිරිසක් මාධ්‍යවේදීන්ට බාධා කරනු ලැබුවා. ඒ අතර තම සේවාදායකයා අසනීප බැවින් වාඩි වී සිටින්න අවසර දෙන්නැයි කෙහෙළියගේ නීතිඥයා ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරිය පැවසුවේ සිටගෙන සිටීමට අපහසු ඕනෑම විත්තිකරුවෙකුට විත්තිකූඩුවේ වාඩි වී සිටීමේ අවසරය ඇති බවයි.
පසුගිය නඩු වාරයේදී අසනීප තත්වයකැයි පවසා සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට වාර්තා නොකළ අතර ඒ ගැන සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍යවරුන් 9 දෙනෙකු ඇතුළත් කමිටුවේ වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහි සඳහන්ව ඇත්තේ අධිකරණයේ පෙනී නොසිටීමට තරම් රෝගී තත්වයක් සැකකරුට තිබී නොමැති බවයි. කිසිදු සංකීර්ණ රෝගී තත්වයක් ඔහුට නොතිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියා. ඇය තවදුරටත් ඉල්ලා සිටියේ සැකකාර අමාත්‍යවරයා රෝගී බවට සහතික කළ බන්ධනාගාර වෛද්‍යවරයාට එරෙහිව පියවර ගන්නා ලෙසයි.
එහිදී මහේස්ත්‍රාත්වරිය මෙබඳු අවස්ථාවල නිවැරදි වෛද්‍ය වාර්තා ලබා ගැනීමට කාර්ය පටිපාටියක් සකසන ලෙස වෛද්‍ය සභාවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට කියා සිටියා.