සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නගා තිබූ විශ්වාසභංග යෝජනාව පසුගිය දා පරාජයට පත් වුණේ වැඩි ඡන්ද 40ක ප්‍රමාණයකින්. කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් රට තුළ කතිකාවක් ඇතිව තිබෙනවා.
ආණ්ඩුවේ ශක්තිය අභියෝගයට ලක් වන අවස්ථාවක් බැවින් විශ්වාසභංගයේදී එය පරාජය කිරීමට කටයුතු කළ ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සම්බන්ධයෙන් මතුව ඇති තත්වය හේතු කොට ගෙන සෞඛ්‍ය අමාත්‍යධුරය වෙනත් අයෙකුට ලබා දීමට ජනාධිපතිවරයා විසින් සලකා බලමින් සිටින බව නිල නොලත් දේශපාලන ආරංචි මාර්ග Lankaline වෙත කියා සිටියා.
පසුගිය කාලයේ ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගෙන්වීම නිසාවෙන් මරණ 27ක් පමණ සිදු වී ඇති බව විපක්ෂ නායකවරයා චෝදනා කරනු ලැබුවා. එසේ ම මේ සිදුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා දක්වන උපහාසාත්මක එළැඹුම රටේ බොහෝ දෙනා අතර අප්‍රසාදයට පත්ව තිබෙනවා. එළැඹෙන මැතිවරණයකදී ජනතා ප්‍රසාදය සම්බන්ධයෙන් මෙම තත්වය ඍජුව බලපානු ඇති බව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව ඇතැයි කියැවෙනවා. කෙසේ වෙතත් ළඟදී සිදුවන සරල මට්ටමේ කැබිනට් සංශෝධනයක් අතරතුර මේ අමාත්‍ය මාරුව සිදු කෙරෙන බව ආරංචි මාර්ග විශ්වාසය පළ කළා.
ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ගැන විමසිලිමත් වෙමින් සිටින බවද වාර්තා වෙනවා.