කෙහෙළියලා යළි රිමාන්ඩ් : පළමු සැකකරු මානසික රෝහලකට දමන්නැයි නියෝගයක්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී සිද්ධියේ පළමු සැකකරු මානසික රෝහලක් වෙත යොමු කරන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියම කර සිටියා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනුණේ ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles