කෙහෙළියගේ චෝදනා උසාවියේදී දිගහැරේ

ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව වැරදි තොරතුරු සැපයීමෙන් හිටපු අමාත්‍ය කෙහෙළියට රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලය නොමග යවා ඇතැයි ඊයේ (01) අභියාචනාධිකරණයේදී ප්‍රකාශ වුණා.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නඩු විභාගය අවසන්වන තෙක් හිටපු ඇමැතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ලබා දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම කැඳවූ අවස්ථාවේදී.

ගබාඩවල ඖෂධ ප්‍රමාණවත් තරම් තිබියදී ඖෂධ හිඟ බව ව්‍යාජ ලෙස මවා පාමින් කැබිනට් මණ්ඩලය වෙත කරුණු දක්වා ඇතැයි කී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නි. සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් කියා සිටියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය සියලු කරුණු සලකා බලා නිවැරදි තීන්දුවක් ලබා දී ඇතැයි කියා සිටියා.

මෙම ඖෂධ සම්බන්ධ සිද්ධියේදී හිටපු අමාත්‍යවරයා ක්‍රියා කළ ආකාරයෙන් අසරණ රෝගීන අපහසුතාවට ලක් වූ බවද ඔහු වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කරුණු දක්වමින් කියා සිටියේ අමාත්‍යවරයා ලෙස මෙම පෙත්සම්කරු මෙම සිද්ධියට මැදිහත් නුවූයේ නම් ජනතාවට වැඩි හිරිහැරයක් සිදු නොවීමට ඉඩ තිබුණු බවයි.

මෙසේ කරුණු දැක්වූ නි. සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ හිටපු අමාත්‍යවරයාගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙසයි.

වැඩිදුර පෙත්සම් විභාගය අද (2) දින පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles