කැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා ඊයේ (17) සිට සති 06ක කාල සීමාවක් දක්වා වසා දමා තිබෙනවා.
මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත්, කැළණිතිස්ස සංයුක්ත විදුලි බලාගාරය මෙරට විදුලි පද්ධතියට එක් වූයේ 2002 වසරේ සිටයි.
මේ අතර නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම බිඳවැටීම යථාතත්ත්වයට පත්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.