රාජගිරිය KFC අවන්හලේ නරක් වූ කුකුළු මස් සහිත ආහාර විකිණූ බවට කළ පැමිණිලි හේතුවෙන් ඊයේ (18) දින පාරිභෝගකියන් ගණනාවක් පැමිණිලි කරනු ලැබුවා. ඒ නිසාවෙන් එහි පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආයතනය මුද්‍රා තබනු ලැබුවා. එසේම ශීතකරණ සහ ආහාර සාම්පලද මුද්‍රා තබා MRI ආයතනය වෙත යවනු ලැබූ බව වාර්තා වුණා.
නවතම තත්වය අනුව දැනගැනීමට ඇත්තේ KFC ආයතනය විසින් පොලිස් පැමිණිල්ලක් දමා තිබෙනවා. එහිදී එම පැමිණිල්ල කරනු ලැබූ චාමර මධුසංඛ නමැති අයව වැලිකඩ පොලිසිය වෙත කැඳවා තිබෙනවා. ඔහු ඒ බව ෆේස්බුක්හි සඳහන් කර ඇති අතර තවමත් පැමිණිල්ල විභාග කර නැති බවයි පැවසෙන්නේ.