වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නවතී ද?

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

කොළඹ ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී මෙම තීරණය ගැනීමට සිදු වන බවයි ඔහු සඳහන් කරන්නේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් මෙම ගැටලුවට මුහුණ දීමට සිදුව ඇති බව ද පෙන්වා දෙන එම සංගමයේ ලේකම්වරයා එම සෞඛ්‍ය බලධාරීන්ම හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා සූදානම් බවත් සඳහන් කරනවා.

එසේම හදිසි මිලදීගැනීම්වලදී ලක්ෂ 2ක් වන සමහර ශල්‍ය ද්‍රව්‍ය ලක්ෂ 20 ට හෝ 30 ට මිලදී ගන්නා බව සදහන් කරන ඔහු ඊට අවශ්‍ය ඖෂධ පෞද්ගලික අංශයේ සමහරු මේ වන විටත් ගබඩා කර තිබිය හැකි බව ද පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles