බෙලිඅත්ත ඝාතනය: ආරක්ෂක අංශවලට ඇති සම්බන්ධය හෙළි වෙයි

පසුගිය දා ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක රෝයල් බීච් සමන් හෙවත් සමන් පෙරේරා ඇතුළු සිව් දෙනාගේ මරණ සිදු කළ පිරිස ගැන තොරතුරු රැසක් හෙළිදරව් කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

මෙම පිරිස ආරක්ෂක අංශවලට සම්බන්ධව සිටි නිලධාරි මට්ටමේ අයවළුවන් වීම එයින් විශේෂයි. මේ පිරිස එදින ඝාතනය සඳහා පැමිණි ජීප් රිය වැඩ තහනමකට ලක්ව සිටින උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් මිලට ගත් බව හෙළිව තිබෙනවා. මේ වන විට අතුරුදහන්ව සිටින ඔහු මුහුදු මාර්ගයෙන් රටෙන් පළා ගොස් ඇති බවටත් සැක පළවෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව කඹුරුපිටිය බස්පොළ අසලින් බැස යන වෙඩික්කරු 29 උදෑසන් සිය සැබෑ විස්තර ඇතුළත් ගමන් බලපත්‍රය භාවිතයෙන් ම අබුඩාබි රාජ්‍ය වෙත පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඔහු විශ්‍රාමික හමුදා සෙබළෙක් බවයි හෙළිදරව් වී ඇත්තේ.

එසේ ම මෙම ඝාතනයට යුද හමුදාවෙන් ඉවත් කර සිටි මේජර්වරයෙක්ද සම්බන්ධ බව පැවසෙනවා. වෙඩි තැබීමට කල්ලිය රැගෙන ආ දිනයේ එම රථය පැදවූයේද ඔහු බවයි හෙළිව ඇත්තේ. මේ වන විට ඔහුද අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සඳහා පැමිණි අනෙක් වෙඩික්කරු හඳුනාගැනීමට පවා මේ දක්වා ආරක්ෂක අංශ අසමත්ව සිටිනවා.

මේ බිහිසුණු ඝාතනය සිදු කළ කල්ලියේ බහුතරයක් හිටපු ආරක්ෂක අංශ නිලධාරි මට්ටමේ අයවලුන් වීම විශේෂත්වයක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles