යාපනයේ පදිංචි කිල්මිෂා යාෂිසායි නම් 14 හැවිරිදි දියණිය ඉන්දීය සංගීත වේදිකාවේ ප්රබල ස්ථානයක් දිනාගනු ලැබුවා. ඒ ඉන්දියාවේ ප්රකට රියැලිටි තරඟාවලියකින් පළමු තැන දිනාගනිමින්.
Sa Re Ga Ma Pa L’il Champs තරඟයෙන් පළමු ස්ථානය දිනාගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. ඉන්දියාව සංගීතය අතිනුත් මහා සංස්කෘතියක්. අපේ රටේ පවා සංගීත ආභාසය එන්නෙ ඉන්දියාවෙන්.
ඉතා කුඩා කාලෙම ගායන හැකියාව ප්රකට කළ කිල්මිෂා යාපනයෙන් තමයි තමන්ගෙ ගායනය පටන් ගෙන තිබුණෙ. ලොකු වයසක් නෙවෙයි කිල්මිෂාට තවම අවුරුදු 14යි.
ඉන්දියානු රියැලිටි තරඟයකින් ජයක් ලැබුව පළමු ලාංකිකයා වෙන්නෙත් ඇයයි.
තැනින් තැන කුඩාවට මේක ගැන කතා බහ කෙරුණත් මෙහි අගය රටක් විදිහට අරන් ඇය ගැන අවධානය යොමු කරලා යමක් කරන්නට බලධාරීන් තවමත් කල්පනා නොකිරීම පුදුමයක්.
දුවේ කිල්මීෂා.. ඒක විශිෂ්ට වැඩක්!