පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයන් දෙදෙනෙකු අතර ඊයේ (6) ඇති වූ ගැටුමකදී එක් අයෙක් අනෙකාට පිහියකින් ඇනීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙනවා.
මේ දෙදෙනාම පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ යම් නිලතල දරණ දෙදෙනෙකු බවත් කේක් කෑල්ලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් මේ සිද්ධියට හේතු වී ඇති බවත් පැවසෙනවා.
ආහාර පාන අංශයේ පරීක්ෂාව සඳහා සිටින විශේෂ බලකාය සහ පොලිසිය සමඟ කාර්ය මණ්ඩලය විසින් ගැටුම සමථයකට පත් කර තිබෙනවා.