පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ශතක 49ක් ලබා ගත් විරාත් කෝලිට සුබ පතන්නේ දැ යි මාධ්‍ය සාකච්ඡාවක විමසූ විට කුසල් මෙන්ඩිස් ඇයි මම ඔහුට සුබපතන්නේ යනුවෙන් විමසීම මහත් ආන්දෝලනයට ලක් වුණා.
අද (12) පැවති ක්‍රිකට් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඔහුගෙන් මේ ගැන විමසා සිටිය දී ඔහු ඒ ගැන පැහැදිලි කිරීමක් කළා. ඒ මොහොතේ ඉන්දීය තරඟයේ ලකුණු කිසිවක් නොදැන සිටි බවයි ඔහු පවසන්නේ. තමා පුහුණුවීම් අතර මාධ්‍ය සාකච්ඡාවට පැමිණි බවත් හදිසියේ කෝලිට සුබ පතන්නේ නැති ද යනුවෙන් විමසූ විට තමා ඒ ගැන නොදැනුවත්ව සිටි නිසා එසේ විමසූ බවත් පවසන කුසල් ශතක 49 ක් ලබා ගැනීම පහසු නොවන බව ද එහිදී පවසා සිටියා. එම ප්‍රකාශය ගැන තමා දැන් කණගාටු වන බවත් සුබ නොපැතීම ගැනත් කණගාටු වන බව ඔහු පවසනවා.
කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට නොහැකි වීම සම්බන්ධයෙන්ද ඔහු ජනතාවගෙන් සමාව අයැද සිටියා.
අනේ බං. උබ දන්නෙත් නෑ. උබට පුළුවන් දේකුත් නෑ. සල්ලි වලට ක්‍රිකට් වලට රිඟපු උබල වගේ කක්කා තමයි මේක විනාශ කාලේ. පින් සිද්ධ වෙයි . පලයන්